Blog

Sunday, November 29, 2015

Photoshop Lesson 1 - Picture ඇතුලට මූණක් දාමුද...?

අද ඉඳලා මම අපේ කස්ටියට photoshop lessons ටිකක්
අරන් එන්නයි හිතාගෙන ඉන්නෙ. අද ඔන්න
 පලවෙනි lesson එක අරගෙන  ආව.
බලන්නකෝ අද අපි හදන්න යන පින්තූරෙ...



මුලින් ම මම යට දී ල තියෙන පින්තූර 2 Download කරගන්නකෝ..

ඊට පස්සෙ ඒවා ෆොටෝෂොප් එක්ක ඕපන් කරගන්න.ඔන්න දැන් තමයි ගේම තියෙන්නේ...දැන් ළමයගෙ රූපෙ ඔපන් කරගන්න ..අනෙක් එක minimize කරගන්න.ඊට පස්සෙ magic wand tool එක අරගෙන සුදු පාට තැනක click කරන්න.(පින්තූර අපැහැදිලි නම් ඒ මත click කරන්න.)
දැන් ctrl + shift + I දීල selaction එක inverse කරගන්න.
දැන් move tool එක අරගෙන කැලේ පින්තුරය drag කරගෙන ඇවිත් ළමයගෙ පින්තුරයට අතාරින්න.
ඊට පස්සෙ layer mask එකක් දාගන්න.
දැන් ළමයගෙ රූපෙ duplicate layer එකක් අරගෙන කැලේ layer එකට උඩින් අතාරින්න.ඊට පස්සෙ image --> adjustments --> desaturate යන්න.දැන් ළමයගෙ layer එක උඩ double click කරන්න දැන් open වෙන window එකේ opacity කියල තෙයෙනවා (උඩින්ම) ඒක ටිකක් අඩු කරන්න.
දැන් මූණ හදාගෙන ඉවරයි.ඊට පස්සේ තියෙන්නෙ ටිකක් ලස්සන කරන එක... කැලේ layer එකේ duplicate layer එකක් අරගෙන කළු සුදු මූණෙ layer එකට උඩින් දන්න.
ඊට පස්සෙ තියෙන layer mask එක delete කරලා අලුත් එකක් දාගන්න.දැන් brush tool එක අරගෙන මූණ තියෙනවා කියල හිතෙන තැන්වල ලකුණු කරන්න.දැන් කැලේ layer එක click කරල
(layer mask එක නෙවෙයි හරිය...)
filter --> blur --> gussian blur යන්න. දැන් එන window එකේ radius එක 3.5 ක් විතර දෙන්න.දැන් අපේ වැඩේ ඉවරයි. ප්‍රශ්නයක් තියෙනව නම් comment එකක් දාන්න.නැතත් comment එකක් දාන්න හරිය... ඊළඟ lesson එකඟ හම්බවෙමු.

0 comments:

Post a Comment

Show Emoticons